《PSYCHO BUNNY (Completed ✅)》Chapter 3
Advertisement
( author's pov...)
ටේහ්‍යුන්ග් එයාගේ පෙශන්ට් ඉස්සරහ දන ගහගෙනම එයාට කතා කරා..
🐯:
ඒ එක්කම ඔලුව උස්සලා ඉස්සරහ බලපු ජන්කුක් තද කරලා ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ල ගන්න ගමන් කලබලෙන් කතා කරන්න ගත්තා...
🐰:
ජන්කුක් එක දිගටම කියවගෙන යන ගමන් ඊලඟට සූදානම් උනේ ටේහ්‍යුන්ග්ව බදා ගන්න.......
නමුත් ජන්කුක් ඒ කරන්න හදපූ දේට බය උන ටේහ්‍යුන්ග් එකපාර දන ගහගෙන හිටිය තැනින් පිටිපස්සට බිම ඉන්දවුනා....
තේහ්‍යුන්ග් පස්සෙන් පස්සට යන්න පටන් ගද්දි ජන්කුක්ද ටේහියුන්ග්ගෙ පැත්තටම ආවා...
ටිකකින් ටේහියුන්ග්ව බිත්තියටත් ජන්කුක්ගෙත් අතර හිර වෙද්දි ජන්කුක් ඒ ක්ෂණිකයෙන් ටේහියුන්ග්ව තද කරලා බදා ගත්තා...
ටේහියුන්ග්ව බයටම ගැහෙන්න පටන් ගන්න අතරේ තමන්ව බදාගෙන ඉන්න ජන්කුක්ව තමන්ගේ ඇගෙන් තල්ලු කරන්න ටේහියුන්ග් හැදුවත් ඒක හිතපූ තරම් ලේසි උනේ නැත්තෙ ජන්කුක් එයාව හුගාක් තදින් බදාගෙන හිටිය නිසා...
ජන්කුක් නවත්ත ගන්න බැරිම උන තැන අන්තිමට ටේහියුන්ග් එලියේ හිටිය ඇටෙන්ඩන්ට ඇහෙන්න කෑගහන්න පටන් ගත්තේ එයාට කියලා හරි ජන්කුක්ව තමන්ගේ ඇඟෙන් ගලව ගන්නයි.....
🐯:
ඒ එක්කම කාමරෙ ඉස්සරහ හිටිය ඇටෙන්ඩන් තවත් කිහිප දෙනෙක් එක්ක කාමරේ ඇතුලට ඇවිත් ටේව ජන්කුක්ගෙන් ගලවන්න උත්සාහ කරා..
🐰:
ටේගෙ එක අතක් බදාගෙනම ජන්කුක් එහෙම කෑගහද්දි ඇටෙන්ඩන් ටේගෙ අනිත් අතින් අදින ගමන් උත්සාහ කරේ ටේව ජන්කුක්ගෙන් ගලව ගන්න....
🐯:
හොඳටම කලබල වෙලා හිටිය ටේහියුන්ග්ගේ ඇස් වලින් දැනටම කඳුලු බිංදු ගලාගෙන යද්දි එයා තමන්ගේ එක අතකින් ඇදගෙන ඉන්න ඇටෙන්ඩන්ට එහෙම කිව්වේ ජන්කුක් නිසා එයාට මොනා හරි වෙයි කියලා බයේ.......
කොහොම හරි ඇටෙන්ඩන් එක්ක ඇතුලට ආපු අනිත් මිනිස්සු ටික ජන්කුක්ට බෙහෙත් වගයක් විදිද්දි ජන්කුක් අල්ලන් හිටිය ටේගෙ අතේ ග්‍රහනය ඉබේම ලිහිල් උනා...
ජන්කුක් එතනම සිහිය නැතුව වැටෙද්දි ටේව ඉක්මනින් ජන්කුක්ගෙන් අහකට කරපු ඇටෙන්ඩන්
👨:
කියලා කියන ගමන් ඒ ඇටෙන්ඩන් ජන්කුක් ලගට ගියා...
ටේ දඩිබිඩියේ ඉන්න තැනින් නැඟිටලා එලියට ගිහින් කාමරෙ දොර ඉස්සරහ හිටගෙන හිටියත් එයා දැක්කා ජන්කුක් බිම වැටිගෙන තාමාත් පියවේගෙන යන ඇස් වලින් ටේ දිහා බලන් එයාගෙ අතක් ටේ ඉන්න පැත්තට දික් කරගෙන කෙඳිරි ගානවා....
🐰:
කෙඳිරි ගාගා හිටියා ජන්කුක්ගේ ඇස් ටිකකින් සම්පුර්ණයෙන් වැහිලා ගියාම එතන ඉදපු මිනිස්සු ටික ජන්කුක්ව ආයෙ කාමරෙ මුල්ලකට ඇදලා දැම්මෙ කුනු ගොඩක් ඇදලා දානවා වගේ....
ඒක දැක්ක ටේගේ ඇස් වලින් මේ පාර එක දිගට කදුලු ගලන්න ගත්තෙ නම් බයට නෙමෙයි...
එයාගෙ හිතට දැනුන මොනා හරිම අමුත්තක් නිසායි එයාට මේ ඇඩෙන්නෙ... ඒකට හේතුව එයාවත් දන්නෙ නැහැ....
ටිකකින් ජන්කුක්ගේ වැඩේ ඉවර කරපු ඇටෙන්ඩන් එලියට ඇවිත් ජන්කුක්ගේ කාමරෙ දොර ලොක් කරලා හැරුනේ ටේ දිහාවට....
👨:
ඇටෙන්ඩන් ටේගේ කඳුලු ගලන මුහුන දිහා බලන් ටිකක් කනස්සල්ලෙන් එහෙම අහද්දි තම අත් දෙකෙන්ම කම්බුලේ තිබ්බ කදුලු පිහිද ගත්ත ටේ....
🐯:
කියලා එතනින් ඉක්මනට ගියේ තවත් එයාට එතන ඉන්න තරම් හිතක් නොතිබ්බ නිසා....
(Taehyung's pov....)
මං ඇත්තටම එයාට බය උනා...එයා එක පාර මාව දැකලා කලබල උන එකෙන් මමත් හුගාක් බය උනා... එත් එයා මට කිසිම කරදරයක් නම් කලේ නැහැ....
Advertisement
ඕක තමා මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේ... ඒවා බලන් ඉන්න අපිටත් ජීවිතේ ගැන කලකිරෙනවා...පව්... ජන්කුක් කියන්නෙත් අහිංසක තරුණ ජීවිතයක්....
එත් එයා ඇයි ඒක පාර මාව දැක්කම එච්චර කලබල උනේ...?
පස්සෙ හොයලා බලනවා.. කොහොම හරි මං එයාගෙ ඩොක්ටර් නේ...
මාත් කලබල උනේ මේ ජොබ් එකට අලුතෙන් බැදුන කෙනෙක් වගේ නේ..මටත් ඉවසන්න තිබ්බා...එයාව තේරුම් ගන්නේ නැතුව මාත් කෑගහලා කරේ වැරැද්දක්....
එතන ඉන්න ඇටෙන්ඩන්ලා නම් මහ සත්තු වගේ...ජන්කුක්ව කුනු ගොඩක් වගේ නේ අර කාමරෙ මුල්ලට විසි කරේ....
මගේ අතෙන් පොඩි රිදිල්ලක් ආව නිසා මං බැලුවේ මගේ අත දිහා...
හ්ම්ම්ම් රිදෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි ජන්කුක්ගෙ ඇගිලි පහම මගේ අතෙ හිටිලා එයා එච්චරටම තදින් මාව අල්ලන් ඉදලා තියෙන්නෙ....
නැහැ එයාගෙ වැරැද්දක් නැහැ..එයා හිතලා නෙමෙයි මාව රිද්දුවේ.....
එදා දවසටම මං එච්චරයි C බිල්ඩිමට ගියේ....
දවසේ ඉතුරු කාලේ මගේ වෙනදා බිල්ඩිමේ වැඩ කරත් මට හැමවේලාවෙම මතක් උනේ උදේ ජන්කුක් එක්ක වෙච්ච සිද්දිය...
කවුද මේ රෝස මල...එයා කලින් ආදරේ කරපු කෙල්ලද? එත් මං කොල්ලෙක් නේ එතකොට ඇයි එයා මාව දැකලා රෝස මල කිව්වේ...
හයියෝ මට නම් තේරෙන්නෙ නැහැ...
ලගට ගිහිල්ලාම කතා කරන්න වෙනවා....
___________________________________
එදා ජිමිනා හවස මාව වෙනදා වගේ ගන්න ආවා...
රෑට ලොකුවට බඩගින්නක් තිබ්බෙ නැති නිසා මං ගෙදර ආපු ගමන් ජිමින්ටයි යුන්ගි හියුන්ග්ටයි කියලා මගේ කාමරේට ආවා....
ජන්කුක් ජන්කුක් ජන්කුක් මගේ ඔලුවේ කැරකෙන්නෙම ඒ කොල්ලා ගැන...
ඇයි මට එයා ගැන අමුත්තක් දැනෙන්නෙ...
මං ඇග හොදලා රෑට අදින ඇදුමත් ඇදගෙන ඇඳට ඇවිත් නිදා ගන්න හැදුවත් මට මතක් වෙන්නෙ ජන්කුක් මාව බදාගෙන කියපු වචන ටික..
"
මං බය වෙලා හිටියත් එයා කියපු හැම වචනේම මට හොදට ඇහුනා....
සමහරවිට එයා ආදරේ කරපු කෙනාගෙ මූන හුරුව මට ඇති ඒක තමා හේතුව...
මං කල්පනා කර කර ඉද්දි කාමරෙ දොරට තට්ටුවක් දාගෙන ඇතුලට ආවෙ ජිමින්...
ඔව් , එයා මගෙ වෙනස දැනගෙන...
🐥:
🐯:
මං ඒක කියපු ගමන් මං දැක්කා ජිමින්ගෙ ඇස් උඩ යනවා....
🐥:
කියලා ජිමිනි මගේ ඇගට පැන්නෙ ගහන්න...කොහොම හරි එහෙන් මෙහෙන් මටත් පාරවල් ටිකක් වැදුනා මාත් නිකන් හිටියෙ නැහැ මාත් ගැහුවා...
නැහැ නැහැ අනේ අපි විහිලුවට ගහ ගන්නේ...
අපේ කාලගොට්ටිය ඇහිලා යුන්ගි හියුන්ග් දුවන් ඇවිල්ලා අපිව බේරන්න ගියාත් ඒ අසරණයාත් මැදකදි ගුටි කෑවා.....
කොහොම හරි රන්ඩු කරපු එක නවත්තලා ජිමින් හැදුවෙ කාමරේන් එලියට යන්න....
🐯:
කියලා කිව්ව ජිමින් කාමරෙ දොරත් වහගෙන එලියට යද්දි මගේ ඔලුවෙ වැඩ කරේ වෙනමම ප්ලැන් එකක්....
ඔව් මං ජිමින්ට බොරු කිව්වෙ..මට හෙට කවුරුත් night duty දැම්මෙ නැහැ...මටයි හෙට රෑට හොස්පිටල් එකෙ නවතින්න ඕනි.....
(Taehyung's pov end....)
ජිමින් කාමරෙන් එලියට යන අතරේ ටේ ටික වේලාවක් කල්පනා කරලා ඉදලා නිදා ගන්න සූදානම් වෙද්දි අනිත් පැත්තෙන් කාමරේන් එලියට ආපූ ජිමින් ,
Advertisement
" ඔයාගෙ අලුත් පෙශන්ට් , ඒ එයා වෙන්න ඕනා නේද ටේ... "
_______________________________________
(Taehyung's pov...)
කලින් දවසේ වගේම මං අදත් උදේන්ම නැගිට්ටා...
ඉක්මනින් ඇදගෙන උදේට වෙන්න ඔනි එව්වා ටිකත් කරගෙන කෑමත් කාලා ජිමින්ගේ කාර් එකට නැග්ගා...
මාව හොස්පිටල් එක ගාවින් දාපු ජිමින් වෙනදා වගේම මට දේශනා දෙන්න පටන් ගත්තා....
🐥:
හැමදාම ඉරිදා දවසට කියන වචන පේලිය ජිමින් ආයේ රිපීට් කරද්දි කන පොඩ්ඩක් කසන්න ගත්ත මං එහෙම කිව්වාම ජිමින්ද මට ඇහැකුත් ගහලා එතනින් ඉගිලිලා යන්න ගියා...
එයාට මං කොච්චර කරදරේ කිව්වාත් එයා ඇත්තටම මට ඔම්මා කෙනෙක් වගේ තමා.. කන්නත් හදනවා මාව පරිස්සනුත් කරනවා..මගේ ඔක්කොම වැඩත් කරලා දෙනවා....එයා යාලුවෙක්ට වඩා මගේ සහොදරයෙක් වගේ....
මං හොස්පිටල් එක ඇතුලට ඇවිත් කෙලින්ම ගියේ C බිල්ඩිම පැත්තට...
ඉස්සරහ නර්ස්ටත් කතා කරලා මං ඇතුලට එද්දි ඊයෙ හිටිය ඇටෙන්ඩන් වෙනදා ඉන්න තැනම ඉදගෙන හිටියා....
මං ජන්කුක්ව බලන්න යනවා කිව්වාම එයත් එන්නද ඇහුවාම මං එපා කිව්වෙ ආයෙ ජන්කුක් කලබල කරොත් එයාලා ජන්කුක්ට රිද්දයි කියලා බයට....
මං ඩොක්ටර් කෙනෙක් උනාත් ඔය නර්ස්ලා බෙහෙත් එහෙම විදිද්දි මාත් අහක බලා ගන්නෙ ඒ රෝගීන්ටත් අපිට වගේම රිදෙනවානෙ කියලා දන්න නිසා....
මං හිමින් ගිහින් ජන්කුක් ගේ කාමරේ ඉස්සරහ හිට ගත්තා...
තාමාත් ඊයෙ ගහපු බෙහෙත ජන්කුක් ගේ ඇගෙ වැඩ කරන නිසා එයා තාම නිදි...
කාමරේ කොනක බිම කකුල් වගේම අතුත් එකට ඔතාගෙන ගුලිවෙලා නිදාගෙන ඉන්නෙ හරියට පුලුන් බෝලයක් වගේ....පව් එයාට සීතලද දන්නෙ නැහැ...
එයාගෙ කට හඬ , ඒක හුගාක් ලස්සනයි...හුගාක් ගොරොසුත් නැති හුගාක් සියුමුත් නැති හරිම ලස්සන කටහඩක් එයාට තිබ්බේ...මට ඒක ඊයෙ ඇහුනා නේ....
මට විශ්වාසයි ඔය රැවුලයි කොන්ඩෙයි අස්සෙත් ලස්සන කොල්ලෙක් හැංගිලා ඇති කියලා....
එත් එයා මානසික රෝගියෙක්.....හැබැයි කැප උනොත් හොද කරන්න බැරි වෙන එකකුත් නැහැ...
මං එයාගෙ කාමරෙ ඉස්සරහ හිටගෙන එයා දිහා කොච්චර වේලාවක් බලන් හිටියාද කියලා මං වත් දන්නෙ නැහැ....
මට එයා ගැන තව දැන ගන්න ඔනි..
ඔව් , රෑට මං කලබල නොකර එයාව සනසන්න උත්සාහ කරනවා...එයා මට පාලනෙ උනොත් මං කියන දේ අහයි...
🐯:
මං එහෙම කියලා සූදානම් උනේ ආයේම මං වැඩ කරන බිල්ඩින් ඒකට යන්න...
එත් ඒක්කම වගේ මං දැක්කා කවුද formal suit එකක් ඇදගත්ත කෙනෙක් ජන්කුක්ව හොයාගෙන මං ඉන්න පැත්තට එනවා...
එයා මාව දැක්කේ නැහැ...
මං හිටිය තැන නිසා ඒ මනුස්සයාට මාව පෙනුනේ නැහැ...
එයා මාවත් පහු කරන් ගියේ ජන්කුක් ගේ කාමරේ ඇතුලට...
එයාගෙ පිටි පස්සෙ තුවක්කු අර ගත්ත තවත් බොඩිගාර්ඩ්ලා හතරක්ම හිටියා...
ඉස්පිරිතාලේ කිසිම ඩොක්ටර් කෙනෙක් නර්ස් කෙනෙක් ඒ මනුස්සයා එක්ක ජන්කුක් ගාවට ගියේ නැහැ....
කාටත් මේ වාට්ටුවට එහෙම ඇතුල් වෙන්න බැහැ නේ මේ මනුස්සයා කවුද ? ජන්කුක් එක්ක මොකක්ද තියෙන සම්බන්ධකම ?
හ්ම්ම්ම්ම් මේ හොරේ මොකක්ද??.ජන්කුක්ට කවුරුත් නැහැ කියලා නේ මට ආරංචි උනේ....
කමක් නැහැ රෑට ඇවිත් බලමුකෝ....
මං එහෙම හිතින් හිතන ගමන් අවසානේ ඒ බිල්ඩින් එකෙන් එලියට ආවා....
(Taehyung's pov end...)
_______________________________________
[ meanwhile ]
( jungkook's room )
:
කියලා එතන හිටිය බොඩිගාර්ඩ්ලා හතර දෙනා ගුලි ගැහිලා නිදාගෙන හිටිය අහිංසක ජන්කුක් ට පයින් ගහන්න ගත්තේ කිසිම හිතක් පපුවක් නැතුව. ....
ඇගට දැනුන වේදනාව එක්කම ජන්කුක් කෙදිරි ගාන ගමන් හිමින් නිදාගෙන හිටිය පොලොවෙන් නැගිට්ටා...
ඇස් ඇරපු ජන්කුක් එයාගෙ ඉස්සරහ formal suit එකක් ඇදගෙන හිටන් හිටිය මනුස්සයාව දැක්ක හැටියේ තරහින් නැගිට්ටත් ඊලග තප්පරේ වේදනාවෙන්ම ඒ මනුස්සයා ඉස්සරහම දන ගැහුනේ ඒ මනුස්සයාගෙ එක බොඩිගාර්ඩ් කෙනෙක් ජන්කුක් ගේ දනහිස් පිටි පස්සට වේගෙන් පයින් පාරක් ගැහුව්ව නිසා....
කට කොනක හිනාවක් ඇදගෙන ජන්කුක්ගේ ඉස්සරහා හිටන් හිටිය මනුස්සයා ඊට පස්සේ ජන්කුක්ගේ මුහුන ලඟට නැමිලා ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලන් තද කරගෙන මෙච්චර වෙලා වහගෙන හිටිය කට අවදි කරා....
👾:
👾:
ජන්කුක් එක පාර සද්දෙ වැඩි කරලා කතා කරපු නිසා ඒ මනුස්සයාගෙ බොඩිගාර්ඩ් කෙනෙක් ජන්කුක් ගේ ඔලුවට ගැහුවේ තුවක්කු බදෙන්...
වේදනාව කොයි තරම් දැනුනත් ජන්කුක් ඒ හැමදේම ඉවසගෙන හිටියා....ඒ එයාහේ රෝස මල වෙනුවෙන්...
👾:
ලේ ගැවුන තොල් වලින් ජන්කුක් සමච්චලේ හිනා වෙවි එහෙම කියද්දි ජන්කුක්ගේ ඉස්සරහ හිටිය මිනිහාගේ ඇස් කෝපයෙන් ගිනි දැල් වෙන්න ගත්තා.....
👾:
ජන්කුක් එහෙම කියලා ඉවර වෙනවාත් එක්කම එතන හිටිය මනුස්සයා එයාගෙ සාක්කුවෙ තියලා ගත්තේ පොඩි හීනි ඉන්ජෙක්ෂන් එකක්...
එයාගෙ බොඩිගාර්ඩ්ලා ජන්කුක්ව හතර පැත්තෙන් අල්ල ගද්දි ජන්කුක් ගේ බෙල්ලට ඒ ඉන්ජෙක්ෂන් එක ගහපු මනුස්සයා
👾:
එහෙම කියලා අතේ තිබ්බ ඉන්ජෙක්ෂන් එක ආයේ සාක්කුවට දා ගනිද්දි ඔලුවේන් ආපු මත් ගතියත් එක්ක ජන්කුක් කෑගහන්න ගත්තා...
🐰:
ජන්කුක් වේදනාවත් තරහත් එක්ක එහෙම කෑගහද්දි ඒ කිසිම දෙයක් සතේකට මායිම් නොකරපූ බෝගම් එතනින් නැගිටලා එලියට ආවේ කට කොනේ කලින් ඇද ගත්ත හිනාව එහෙමම තියාගෙනමයි....
තවත් පැයකට පසු ජන්කුක් හැසිරෙන්න ගත්තෙ ඇත්තටම පිස්සු හැදුන මනුස්සෙක් වගේ.....
වියරු වැටුන , ලේ දකින්න ඕන කරපු ජන්කුක් තමන්ව වගේම අනිත් අයටත් තුවාල කරන්න උත්සාහ ගත්තා...
බෝගම් ජන්කුක්ට ඉන්ජෙක්ෂන් කරේ ගොඩක් සැර drug එකක්...
මේක තමයි ජන්කුක් දරුණු විදිහට හැසිරෙන්න උන ලොකුම හේතුව...
මාසේකට දෙපාරක් බෝගම් ජන්කුක්ව හොයාගෙන ඇවිත් ජන්කුක්ගේ ඇඟට ඒ drugs විදලා ජන්කුක්ගේ රිපොට්ස් ඔක්කොමත් නැති කරලා යන්නෙ ජන්කුක්ව මානසික රෝහලේ ජිවීත කාලේම හිර කරන්න බලාපොරොත්තුවෙන්....
මේක තමා කවුරුත් නොදන්න ජන්කුක්ගේ ජිවීත ඉරණම.....
____________________________________
හායි......
කොහොමද අද chapter එක....
ඔන්න දුෂ්ටේකුත් ඉන්නවා හොදේ..🤭🤭
අනේ බෝගම්ගේ fansla මාත් එක්ක තරහා වෙන්න එපා..මේක ff එකක් නිසායි එයාව ගත්තේ.....
වැරදි තිබ්බොත් සමාවෙන්න....
බෝගම් කිව්වා වගේ ජන්කුක් හැමදාම මානසික රෝහලේ හිර වෙයි ද?
අපි බලමුකෝ......
එහෙනම්....බායි....
හැමෝම පරිස්සමෙන් ඉන්න...
අලුත් කොටසකින් ආයේ එන්නම් ❤❤❤
Advertisement
- In Serial50 Chapters
Cloud Sailor
Rhys is an Artificer who has always dreamed of owning a Cloudship and sailing out beyond his home spire. An opportunity dropped into his lap to do just that, but the consequences of his choice might very well be too much for him to deal with. Fantasy with some light litrpg elements, trading and growing the ship. Some slice of life elements as Rhys learns the ropes of being a Cloudship captain. Artwork is by Bogdan - https://www.artstation.com/bogdanantoci - I can't recommend him highly enough.
8 271 - In Serial10 Chapters
Sieg's Glory : World of Ellus
A retired pro gamer unknowingly embarks on a journey to save the world. *** The world of Ellus is on the verge of collapse. Hope dwindles every day as invaders snatched their lands one by one. The strongest warriors asked for the help of the spirit. But they too are helpless. Their strength, the inhabitants of this world, is insufficient. "This is a list of gamers who might be able to help us." So they looked for people from another world. With his intervention, will this world be saved?
8 109 - In Serial46 Chapters
Lost Crimson (book 1)
GOING THROUGH REVISION!!! FINAL DRAFT WILL BE RELEASED IN 2019 What would you do if the people who hated you most were the ones you were destined to save? Orphaned Arin lives in Olympia, Washington. When she is adopted by a strange new family her life begins to change, and not in a good way. As her new life takes different twists and turns she soon finds herself facing the Plaque. Now she is involved in an ancient war and all she wants is to go home. The Crimsons have other ideas, they want Arin to fight with them. She has no choice but to agree. If she helps these Crimsons win their war then she can go home. Only one thing is at stake, her own life. In the first book of the high fantasy series, Dimensional Travelers, three children must fight their ways through scores of Others for, not only their freedom, but the Crimsons' freedom. Armed with the elements and a single Rainbow Shard, the three most unlikely heroes must come together and save Fynne from imminent destruction; even if one of them does have a tendency to catch things on fire.
8 216 - In Serial28 Chapters
Genshin Impact, Breezing Through Teyvat.
A man that was used to reviewing novels, dies in an elevator accident and gets sent to the world of Teyvat [Genshin Impact] to live his life the way he wants. What will happen if an unknown entity like him enters the world of Teyvat? Will the Archons hunt him down, or will he hunt them? *** This story is my first wish fulfillment. It will be slightly different from the story of Genshin Impact due to them updating the game so often and adding/changing stuff. Currently, it's patch 1.5 and I have been playing the game ever since it came out. So I am closely following the story, but... It won't be following the same story at all times. But I will do my best to try and follow the original as closely as possible with my abilities. It will reach number one on genshin fanfics. I guarantee it.
8 124 - In Serial55 Chapters
Onyx: The Sovereign Slayer Chronicles
"We fight together. We die together." These are the words legionnaires abide by, and for Onyx and his team these are the rules of the world in which they live in. Battle cries, arrows whistling in the wind, steel hitting steel, death. This is the world of Eris where only the strongest survive. A world plunged in constant war between the six countries that make up the world; Dol-Sur, Zul-Aman, Karash, Spyre, Aephon, and Ulammar. Onyx and his team find themselves in the middle of one such war between the mighty Empire of Karash and the Kingdom of Dol-Sur. Read as Onyx and his team struggle to survive in this world where only those with a firm grip on their sword survive.
8 210 - In Serial56 Chapters
The War Luna
Alex Fury loves her life and her work as Gamma of the Black Mountain pack. When she collides with her mate, she is distraught and fearful of how this could change everything. Alpha to a pack renowned for allowing only males to join the warrior legion, Aidan is not the mate that Alex had been hoping for. Their desire will pull them together but do they have a future? Meanwhile an old enemy seeks to tear their packs apart and secrets and mistrust threaten their relationship.
8 234

