《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_08 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
වෙනමම ලෝකෙක හිටපු Jungkook ගෙ වගේම Taehyung ගෙත් අවධානෙ බිඳිල ගියේ එතනට ආපු කෙනෙක්ගෙ උගුර පාදන හඬින්...
මේ වෙද්දි Taehyung හිටියෙ Jungkook ගෙ උකුල උඩ.. ඔවුන් එකිනෙකාට තුරුලු වෙලා අනෙකාව බදාගෙන...... නිකන් හරියට, මුණ ගැහෙන අන්තිම මොහොතෙ එකිනෙකාගෙන් සමුගන්න බැරුව ඉන්න බොලද ආදරවන්තයො දෙන්නෙක් වගේ...
ඒත් මේ හඬත් එක්ක Taehyung කොයිතරම් කලබල වුණාද කියනව නම් ඔහු Jungkook උකුල උඩින් හදිස්සියට නැගිටින්න ගිය පාර ඇහිපිය ගහන පරක්කුවට බිමටම ඇදගෙන වැටුනා...
🐰 " ටේ බබා..."
🐷 " ටෙටේ..."
🐱 " Taehyung-ah..."
🐻 " ආව් මගෙ පස්ස...."
ඔව් එතනට ඇවිත් හිටියෙ Yoongi Hoseok දෙන්නා.... ඒත් ඔවුන්ව නොදැක බොරුවට කලබල වුණු Taehyung ව බිම වැටෙන්න ගිය පාරට ඔවුන් ඔක්කොම Taehyung නම කියල කෑ ගහල ඔහුව අල්ලගන්න ඉස්සරහට පැන්නත් ඒ කාටවත් Taehyung ව වැටෙන්න නොදී බේරගන්න බැරිවුණා..
දැන් Taehyung බිම ඉදගෙනම පස්සත් අල්ලන් කෑ ගහනවා.. ඒක දැකලා අනිත් අයට හිනා ගියා. ඒ ගමන Taehyung ඇස්වල කදුළුත් පුරෝගෙන මූණත් බෙරි කරන් එයාලා දිහා බලන් ඉන්නව...
ටික වෙලාවකින් හිනාවෙන එක අමාරුවෙන්ම නතර කරපු Jungkook ඔහුගෙ හැඩිදැඩි අත් වලින් Taehyung ව උස්සල අරන් එයාගෙ උකුල උඩින්ම ආපහු ඉන්දව ගත්තා.
🐰 " රිදෙනවද! "
Sope couple එකේ නිමාවක් නැති හිනා හඬ මැද්දෙ Taehyung ගෙන් එහෙම අහපු Jungkook එයාගෙ එක අතකින් Taehyung ගෙ backside එක හිමින් හිමින් පිරිමදින්න පටන් ගත්තා.
🐻 " වැටුනම රිදෙනව තමා.. ඔයාවත් වට්ටල පෙන්නන්නද ?"
Taehyung මූණත් දෙක කරන් Jungkook ගෙන් ඇහුවා.
🐰 " ටේ බබා... ඔයා මට කෑ ගහන්නෙ නිකන් මං ඔයාව වූමනාවෙන්ම බිමට අත්තැරිය වගේනෙ...
ඔයා හරිනම් බනින්න ඕනෙ මෙයාලට "
Jungkook එහෙම කියල තාමත් හිනාවෙවී ඉන්න Yoongi වයි Hoseok වයි පෙන්නුවා.
🐻 " Yaaa... ඇයි තාම හිනාවෙන්නෙ...
මාව ඒ තරම් විහිලුවක්ද ඔයාලට..? "
🐷 " අනේ මගේ ටෙටේ බබාට කේන්ති ගිහින් මෙන්න...
කෝ එන්න හොබීගෙන් kiss එකක් දෙන්නම්."
🐰 " නෑ එපා ඕනෙ නෑ...
එයාට දැන් අයිතිකාරයෙක් ඉන්නව..."
🐱 " අන්තිමේදි ඒකත් හරි... මට ගොඩක් සතුටුයි ඔයා දෙන්න ගැන."
🐻 " Thank you Yoongi hyung.."
Taehyung එහෙම කියලා ඔවුන් ළඟ හිටගෙන හිටපු Yoongi ව තදින් බදාගත්තා..
Advertisement
|||||||||||||||
ඔවුන් හතර දෙනා හිනාවෙවී හරිම සතුටින් ඒ මොහොත ගත කරද්දි ඊට ටිකක් ඈතින් ඉදන් තව දෙන්නෙක් මේ දිහා මුල ඉදන්ම බලන් හිටියෙ කෝපය, තරහව, ඊර්ෂ්‍යාව, දුක, නොසන්සුන්කම මුසු වුණු ඇස් එක්ක...
ඒ එක්කෙනෙක් තමා Park Bogum....
Graduation ceremony එක ඉවර වෙලා ඔම්මත් එක්ක කතා කර කර හිටපු Bogum ටික වෙලාවකට පස්සෙ එයාට ඔම්මගෙන් ලැබුණු මල් bouquet එකත් අරගෙනම Conference hall එකෙන් එළියට ආවෙ ඊට සුළු මොහොතකට කලින් hall එක ඇතුලෙ ඉදන් එලියට ගිය Taehyung ව එයාගෙ ඇහැ ගැටුණු නිසා. ඔහුට ඕනි වුණා ඔහුගෙ සතුට, මේ මොහොතෙ Taehyung එකකත් බෙදාගන්න.. මොකද තවමත් ඔහු Taehyung ට හදවතින්ම ආදරේ කලා...
Taehyung ව හොය හොය හැමතැනම ඇවිදිද්දි ඔහු දැක්කා Jungkook ගෙ අතින් අල්ලගෙන ඈතට යන Taehyung ව. ඔහු ඔවුන්ට නොදැනෙන්න ඔවුන් පසුපසම ලුහු බැන්දා..
Taehyung Jungkook ව සිපගත්ත හැටි.. ඔවුන් එකිනෙකාව වැළඳගත්ත හැටි.. ඔවුන් සතුටින් ඒ මොහොත ගත කරපු හැටි ගහකට මුවා වෙලා ඉදන් Bogum බලාගෙන හිටියෙ බිඳිල කෑලි වුණු හදවතක් එක්ක...
Taehyung Bogum ව ප්‍රතික්ෂේප කලේ Jungkook වෙනුවෙන් වීම ඔහුට දුකක් වගේම තරහක් ගෙන ආවා. ඔහු නැවත නැවතත් සිතුව Jungkook ට වඩා ඔහු කෙතරම් Taehyung ට ගැලපෙනවද කියලා. කලින් ඉදන් Bogum ට තේරිලා තිබ්බෙ Jungkook ගෙ හිතේ Taehyung ගැන විශේෂත්වයක් තියනව කියලා. ඒත් ඔහුට අනුමාන කරන්න බැරි වුණා Taehyung එදා කියපු ඔහුගෙ ඒක පාර්ශ්වික ආදරයත් Jungkook මයි කියලා.
Bogum ගෙ කල්පනාව බිඳිල ගියේ එයාගෙ කන ළඟින්ම ඇහුණු පොඩි ඉකිබිඳුමකින්... ඔහු පිටිපස්ස හැරිල බලද්දි ඔහුගේ ඇස් ගැටුනෙ Taehyung හා Jungkook දිහා එක එල්ලේම බලාගෙන කදුළු හලන තරුණියක්...
ඔහු ඉක්මනට ඇය ගාවට ගියා...
Bogum එහෙම ඇහුවම ඇය Taehyung හා Jungkook ගෙන් දෑස් ඉවතට ගෙන Bogum දිහා බැලුවා.
" නෑ ඒ දෙන්නම bi "
Bogum එහෙම කිව්වෙ ලොකු විශ්වාසෙකින්.."
මේ තරම් වෙලා හඬමින් හිටපු තරුණිය ඇගේ දෑස් වල කදුළු පිහදාල Bogum දිහා උනන්දුවෙන් බැලුව.
" ඔව් මං දන්නව...
ඒ දෙන්නම මගේ යාලුවෝ..
ඒත් එතන ඉන්න එක්කෙනෙක්ට මම ආදරේ කරල reject වුණා..."
" Jungkook ද? "
" නෑ නෑ Taehyung "
" ohh ඇති යන්තන්..."
" ඔයා Jungkook ට ද කැමති....? "
Advertisement
" ඔව් මම පොඩි කාලෙ ඉදන් එයාට කැමති... එයාගෙ අමුතු ගතිගුණ වලට මම ගොඩක් ආසයි. මම මගේ අප්පව පොරොන්දු කරගත්තා graduation එකට පස්සෙ Jeon පවුලට proposal එකක් අරන් යන්න...
මම අද හරිම ආසාවෙන් බලන් හිටියෙ එයාට මගේ හිතේ තියන දේවල් කියන්නයි කියලා...
ඒත් බලන්න මම දැක්ක දේ.... "
ඇයි හැඬුම් ස්වරයකින් Bogum ට කිව්වා...
" මම කැමතී ඔයාව අදුන ගන්න..
මං Park Bogum..."
" මම Kim jisoo "
" ඔයාට විශ්වාසද Mr.Jeon ඔයාලගෙ proposal එකට කැමති වෙයි කියලා..."
" ඔව් අනිවාර්යයෙන්ම...
මොකද මගේ අප්පා Mr.Jeon ගෙ හොදම යාලුව...
අනික අපි එකතු වුණොත් ඒක Mr.Jeon ගෙ Business වලටත් ගොඩක් වාසී..."
" ohh එහෙමද!?
එහෙනම් මට Taehyung ගැන තවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්..."
Bogum සැනසිලි සුසුමක් හෙලලා කිව්වා...
" ඔයා පුළුවන් තරම් ඉක්මනට අප්පට කියලා proposal එක අරන් යන්න...
එතකොට ඔයාට Jungkook ව ලැබේවි... මට Taehyung ව.."
" Oky Bogum...
Don't worry...
ඔයාව හදුනාගැනීම සතුටක්.... "
" මටත්...."
|||||||||||||||
Taehyung එදා ගෙදර ගියේ කියාගන්න බැරි තරම් සතුටකින්..... ඒ මොකද කියනව නම් ඔහු මේ තරම් කල් හිතේ හංගගෙන හිටපු ලොකු බරක් අද නිදහස් කරගත්ත නිසා... Jungkook ව ඔහුට හිමිවීමට වඩා Jungkook ගෙ හිතෙත් Taehyung වෙනුවෙන් තිබ්බ අසීමිත ආදරේ Taehyung ව තවත් සතුටට පත් කලා...
ගෙදර ගිහින් පැයකට වඩා වැඩි දීර්ග ස්නානයකට පස්සෙ bathrobe එකත් ඇදන් එලියට ආපු Taehyung එහෙම්මම ඔහුගේ ඇද මත දිගා වෙලා ඔහුගෙ පළමු හාදුව ගැන නැවත නැවතත් මතක් කලා... විටෙන් විට දිවෙන් තොල් තෙත් කරමින්,,,, ඔහුගේ දිග ඇගිලි වලින් ඔහුගේම තොල් සිනිදුව අතගාමින්,,,, පළමු හාදුව ආයෙත් ආයෙත් මනසින් රසවිඳපු Taehyung ගෙ අවධානෙ බිඳිල ගියේ ඔහුගෙ මවගේ කටහඬින්...
" ඔය මොකෝ ටේ බබා තාම ඕක පිටින්...
යන්න ගිහින් ඇදුමක් ඇදගන්න..."
" අයිගෝ ඔම්මා...
මෙහෙ එන්න ඔයාට පොඩි බඩ්ඩක් කියන්න.."
" මොකද්ද "
Taehyung ඇදෙන් නැගිටලා ඉදගත්තම ඔහුගේ ළඟින්ම වාඩි වුණු Mrs.Kim එහෙම ඇහුවා...
" අද....... මේ ටේ බබාට...... boyfriend කෙනෙක් හම්බුනා....."
Taehyung එහෙම කියලා හරි ලස්සනට හිනා වුණා..
" ඔයා එයාට කිව්වද! "
" හිහී... ඔව් ඔම්මා..
ඔයා දන්නෝද? කුකී hyung මට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ මීට ගොඩ කාලෙකට කලින්. ඒත් එයා ඒක හිතේ හංගගෙන ඉදලා. එයා හිතල තියෙන්නෙ මම මේවගේ දෙයක් ගැන හිතන්න තරම් ලොකු වෙලා නෑ කියලා.."
" එහෙමත් එකක්ද...
ඉතින් අද මොකද වුණේ...."
ඇය Taehyung දිහාට දඟකාර බැල්මක් දාලා එහෙම ඇහුව...
" අපි..... අපි kiss කලා.... "
එහෙම කියලා ලැජ්ජාවටම මූණත් රතු කරන් කටත් අතින් වහගත්ත Taehyung පොඩි එකෙක් වගේ හිනාවෙන්න ගත්තා...
" අම්මෝ බලන්නකො මෙයාගෙ ලැජ්ජාව...
මූණත් හරියට Strawberry ගෙඩියක් වගේ..."
Mrs.Kim හිනාවෙවීම එහෙම කියලා ඉක්මනට කට වහගත්තෙ හරියට නොකිය යුතු දෙයක් කටින් පිට වුණා වගේ... ඔව් එක අතකට බැලුවහම එහෙම තමා... ඇගේ කටින් එක තහනම් වචනයක් කියවුණා...
" අනේ ඔම්මා... මම දැන් දවස් දෙකකින් Strawberry ගෙඩියක් කාලා නෑ...
අඩුම ගානෙ මගේ Strawberry milkshake එකවත්... අප්පට කියන්නකො අදවත් ඒක අරන් එන්න කියලා.."
අතේ ඇඟිලි දෙකකුත් පෙන්න පෙන්න මූණත් ඇඹුල් කරන් Taehyung එයාගෙ ඔම්මට කියනව.
" අයිගෝ ටේ බබා...
Boyfriend කෙනෙක් ඉන්න කොල්ලෙක් වුණාම ඔහොම හැසිරිලා බෑ.."
" අනේ ඔම්මා... ඒත් මගේ Strawberry ගෙඩියට මම එයාට වඩා ආදරෙයි..."
||||||||||||||||
මෙතනින් පටන් ගත්ත taekook ආදර කතාව තව දින කීපයක් පුරා ලස්සනට ඇදිල ගියේ Taehyung ගෙත් Jungkook ගෙත් හිත් තව තවත් ආදරෙන් බැඳෙද්දි..
Taehyung ට campus ඉවර වෙන වෙලාවට මොකක්හරි ක්‍රමේකින් Campus එක ළඟට ඇවිත් Taehyung ට පොඩි තෑග්ගක් එක්ක හාදු වැස්සක් දීලා යන්න Jungkook පුරුදු වෙලා හිටියා..
සමහර දවසට Jungkook ටික වෙලාවක් පරක්කු වුණත් Taehyung ඔහු එනකන්ම Campus එක ළඟ රැදිල ඉන්නෙ තම ආදරවන්තයව මුණගැසීමේ බලවත් ආසාව නිසාමයි..
Kim පවුලෙන් මේ සම්බන්ධෙ ගැන දැන් හොදටම දැනගෙන හිටියත් Jeon පවුලට මේක රහසක්... මොකද Jungkook මේ ගැන තවමත් ඔහුගෙ අප්පට කියන්න මැලි වුණා..
කෙසේ නමුත් Taehyung ට වත් Jungkook ට වත් එය එතරම් ගැටලුවක් වුණේ නෑ...
ඔවුන් ඔවුන්ටම වෙන්වුණු නිදහස් ලෝකයක් තුල ඔවුනොවුන්ගෙ ආදරේ ඇති පදම් විදගත්තා....
|||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
හායි කාලෙකට පස්සෙ නේද...😁😁
කතාව ඉවර වෙන්න ළඟයි කියල මම කිව්වොත් ඔයාලට දුක හිතෙයි ද??...
😐😐😐
මම ගොඩක් නපුරු කෙනෙක් නෙවේ,,,, ඒ නිසා මම ලොකු බාල්දි දාන්න ආස නෑ...
😂😂😂😂😂😂
පුළුවන් තරම් ඉක්මනට ඊළඟ එක අරන් එන්නම්....
පරිස්සමෙන් ඉන්න හැමෝම. .❤❤❤
Thank you for reading & voting
Sorry for mistakes. 💜
ඕක කියෝපු අය ඉන්නවනම්....👆
මම ඒ කතාව මේ acc. එකෙන් අයින් කලා... දැන් තියෙන්නෙ වෙන එකක ...
QueenTK123
ඕකෙ ඇති. 👆
Advertisement
- In Serial16 Chapters
Cultivation Can Wait; Anime Is My Fate!
After reincarnating into a world where qigong cultivation is commonplace, our main character makes the obvious decision to become a weeb.
8 164 - In Serial40 Chapters
Rain✔️ (Wattpad version)
Rainbow Hardwick doesn't understand many things. People call her weird, eccentric, and so many other things. Having autism does that. Antonio Grasso is the most popular boy in school and one day takes an interest in Rainbow. Nobody understands why, except Antonio. What happens when he steps into her world, and she steps into his? Do opposites indeed attract?Sometimes after the rain appears a rainbow.*sequel to After The Storm*Published in Paperback and Kindle combined with Collision, titled Rain's Collision.
8 195 - In Serial8 Chapters
Shining Arc( Betrayed Arc x Sage)
This was a request from @FanDenon120Information about Jaune's fake transcripts were leaked across Beacon. Now most of Beacon hates him, even his own team. Now broken, Jaune decides to transfer to Haven Academy. Will there be someone there who can fix this broken Arc.
8 119 - In Serial20 Chapters
Shivers (BoyXBoy)
Winter Howe, is rich, young, and pretty smart.. That is unless you count the fact that he is easy to trust strangers, such as a tall dark and mysterious man, Axel Keeler. Whom seems to give Winter the attention he's always wanted, but never got with in his big family. What'll Winter do when Axel isn't exactly who he seems to be?
8 228 - In Serial11 Chapters
Anthony Bridgerton One Shots
Anthony Bridgerton based One Shots
8 186 - In Serial42 Chapters
Her Boyfriend's Girlfriend (GirlXGirl)
Adam Bennett - insensitive, player extraordinaire, shamelessly flirts with any girl he pleases any time or place. He has been cheating on his girlfriend of two years with a girl from another school for the past year.Peyton Saunders - athletic, punky, rebel, has been dating Adam for the past two years halfheartedly. She wants more, she wants different and she knows exactly what that is and it's definitely not Adam but she must bide her time.Sadie Wells - sweet, naive, fashionista, has been wholeheartedly dating Adam for the past year. She is in heaven. Or so she thinks.What happens when Peyton finds out that Adam has been cheating on her? What happens when she tracks down Sadie and eventually confronts her? Will they join forces against Adam? Will they become archenemies and fight for their man? Only time will tell.
8 98

