《camellias for you(completed)》09 කොටස
Advertisement
දස්සෝ... ඇ..ඇ.යි බං අර කසු..නා කියල ගොබ්බ..යෙක්.. මැව්වේ.. ඌ කොහොමද බං මගෙ කෙල්ලගෙ අතින් අල්ලග්ගෙන හිටියේ මේම.. මෙම අතින් අල්ලගත්තෙ නෑම්ම්... නෑ.. උන් කිස් කරා ඇයි බං එහෙම ....එයා එහෙම නෑනේද මගෙ කෞසි හොදයිනෙද... එයා මට විතරනේද ආදරේ... කරේ නෙ ....නේ උබත් කිවනේද .... එයාට යන්න දෙන්න බෑනේ... කොහොමද ..ඇයි මට කවෘත් නැත්තේ...මට බෑ... . මං යනව අරුව අයින් කරල මගෙ කෙල්ලව ගන්නව ...
කොහොම හරි උදෙ නැගිට්ටුනේ මුනට පත පාරක් වැදිලා වෙනකොට මං නිදි පැදුරෙන්ම අංදුන් කුන්දුං වෙලා බලං හිටියේ ගහපු එකා මොකාද බලන්න ..මං ලාවට කොන්දෙන් ඉස්සිලා වාඩි උනේ ඉන්නේඑ ඇදෙ නෙවෙ වැරෙන්ඩා එකේ කියලා මොලේට මීටර් වෙද්දී ..
බල්ලෝ නැගිටපං...
නැගිටලා මං එතන හිටපු ඔක්කොටම පයින් ඇනගෙන ඇනගෙන ගියේ එකා දෙන්නා නැගිටිද්දි ..
නිදාගනින් කෝ වහුට්ටෝ උදේ පාංදර මොන හුත්තක් කරනවද නිදාගන්නැතිව..
රවිය බනිද්දිවත් මට උන්ට නිදගන්න හිත නොදුන්නේ .ඊයේ වැහැලම තෙත වෙලා තිබ්බ වැරෙන්ඩාව දැකලා මටම අප්පිරියාවක් එන කොට..
පලයව් ඇදං වලට . මෙතන නිදාගෙන ඉන්නේ..
ඔක්කොම ඇදවල් වලට එලවලා දැම්මේ උන් ආය දවල් වෙද්දී නැගිටින්නේ නෑ කියලා ශුවර් වෙද්දී
එහෙමම මාත් ෆෝන් එක අරං එලියට ආවේ මොකටද කෞශි මෙච්චර මට කෝල් ගන්නේ කියලා බලන්නත් එක්ක..
කෞශි ..
බබා මොකද ෆෝන් ආන්ස්වර් කරේ නැත්තේ මං කොච්චර බය උනාද දන්නවද ..මං ඔයාට ටිකකින් කෝල් එකක් දෙන්නම් බබා මං ලොකු වැඩක දැං
කෙල්ලො මේ අහපං තමුසේ මැරිලා ඉපදුනාට මං එහෙම නෑ අවුරුදු හතරක් බං උබව කියවන්න පටං අරං අවුරුදු හතරක් .උබ හිතනවද උබ හැරෙනකොට මට කියන්න බෑ කියලා ම්ම්
මොකක්ද ඔයා කියන්න යන්නේ
උබෙ සතුට තියෙන්නේ ඌ ගාවනං බං බලෙන් මා එක්ක රැදිලා ඉන්නෙපා ඉදලා වැඩක් නෑ..
යශීර .. නැ මං ..
බබා මේ කිට් එක මැචින්ද ..
කට කොනකින් හිනාවක් එද්දිත් මං අහන් හිටියා ... මොකද එයා මට එක පැත්තකින් බොරු කියද්දි එයාගෙ හැම බොරුවක්ම එලි කරගෙන අනිත් පැත්තෙන් ඇත්ත මතු උනා . එයාට ලොකු වැඩක් පස්සෙ ගන්නම් කියද්දිත් එයා ගිහින් තිබ්බේ කසුන් එක්ක ශොපින් වෙනකොට මං ගැන ම ආත්මානුකම්පාවෙන් මට හිනා ගියා .මං හිනා උනා මටම .
Advertisement
ඔය ඔයාගේ වැඩේ කරගන්න කෞශි ආය මට කෝල් ගන්න ඕනි කමක් නෑ කොහෙත් ම.
යශීර යශීර ..පොඩ්ඩක් ඉන්න... මේ .... මාත් එක්ක තරහද ..
ම්හු.. දවසක ඔයාට නවතින්න වෙනව ඔයාට ඔරුම තැන .මං ප්‍රාර්තනා කරනව ඒ තැන සුන්දර වෙන්න කියලා ..
යශීර මං..
මං තියනව දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න.
තවත් කතා කරන්න හයියක් නැතිවෙද්දී විශේෂයෙන්ම එයාගේ තවත් අනුකම්පාවක් ඕනි නොවෙද්දී මං එහෙමම කොල් එක කට් කරල එයාට මැසේජ් එකක් ටයිප් කරේ දැං කියෙව්වත් එකයි නැතත් එකයි කියලා හිතාගෙන..
හිත පාලනයක් නැ තමා ..එත් මැනික මං පොරොන්දු වෙනවා ආය ම උබ ගැන හිතලා මගේ ඇස් වලින් කදුලු වට්ටන්නේ නැ කියලා.. උබ උබේ සතුට ගාවට ගියා ඇයි මට බැරි සතුටුවෙන්න .මං උබට ආදර්වෙ කලානේ ..
අදින් පස්සේ උබ මගේ ජිව්තේ වත් මං උබේ ජිවිතේවත් නැ මැනික අවුරුදු හතරක් ආදරේ කරා උබට මං.. කොහොම හරි උබව අමතක කරන්නම් .. ඒත් උබ කවුරු එක්ක හිටියත් කවුරු එක්ක හිනා උනත් කාට ඔය හිතේ ඉඩ දුන්නත් කා එක්ක හීන දැක්කත් දවසක මතක් වෙයි මං කියලා කෙනෙකුත් උබේ ජිවිතේ හිටියනේ කියලා.. ඒ හොදටම ඇති බං මට.. ජිවිතේ නවතින්නෙ නැතුවම ඉස්සරහට පලයං .. අදින් පස්සේ උබව දැක්කත් නොදැක්කවගේ ඉන්න මං පුරුදු වෙන්නම් . උබේ පාර හරස් කරන්නැ මැනික මං .එහෙනම් ආය කියන්න දෙයක් නෑ උබ තෝරගත්තේ උබ හැරුනේ .. උබට හොදයි කියලා හිතුන පැත්තට .. පරිස්සමින් ඉන්න මැනික .. ඔයාට දෙවි පිහිටයි ❤️
මං මැසෙජ් එක යවල ෆෝන් එක දිහා බලං හිටියේ අනේ ආපහු එයාගෙන් රිප්ලයි එකක් එනකං උනත් එයාට මගේ මැසේජ් එක සීන් කරන්න වත් වෙලාවක් තිබුනේ නැති වෙනකොට මැසෙජ් එක ගිහිල්ල තියෙද්දීත් ඒක බලන්න තරම් වත් එයාගෙ හිතේ මං ගැන ඉඩක් නැති වෙද්දී මං එහෙමම ෆෝන් එක ඔෆ් කරලම සාක්කුවට දාගත්තේ ආය නම් හිතන්නෙම නෑ කියලා දහ අතට දිවුරගෙන..
යසියා ..
ම්ම්
ක්ලාස් යනව ද
ම්හු..
යනවද නැද්ද...
බෑ බං..
හේතුව ..
හෙතුවක් නෑ මට මුඩ් නෑ...
උබේ ඔය මූඩ් එක තිබ්බේ කවද්ද කියපංකෝ.. ආ හැමදාම අරකි එක්ක රණ්ඩු වෙල මූඩ් නෑ ගාගෙන ඉන්නව දැං මොකද මේ.. ඇයි ඇයි කියපංකෝ විහින් කාලකන්නි වෙන්නේ උබ..
Advertisement
දස්සා.. 🥺 මං අද ක්ලාස් යනවා කියන්නේ මං ආය දැන දැන ගින්නට පයිනව කියන එක් නෙවේද බං.. මං දන්නව මං තාම කෞශිගේ කදුලු වලට මූන දෙන්න තරම් ශක්තිමත් නෑ බං.. එකිගේ කදුලු දැක්ක ගමන් මේ හිත .. ගල් කරගෙන ඉන්න මේ හිත දිය වෙලා යන ව .. කොහොම ද බං හිත හදාගෙන එයාව කසුන්ට දෙන්නේ ...
මෙහෙම කාලකන්නි වෙන්න බැනේ සුද්දෝ .. අපි වෙන මොකක් හරි කරමුද එහෙනම්
නැ බං මට පැනලා යන්න ඔනි නෑ මට ටික කාලයක් ඔනි .. කෞශි කසුන් එක්ක සතුටින් ඉන්නව දැකලා හිත හදාගන්න කාලයක් ඕනෙ..
ම්ම් උබ හොටෙල් එක පැත්තෙ යන්න අදහසක් නෑනේ ..
උබලා ගිහාම මාත් යනව බං මට මයින්ඩ් එක රිලැක්ස් කරගනොනේ..
උන් යනකම් ඉදලා මාත් හොටෙල් එකට ගියේ අද නං පොට යන්න වැඩ කරනව කියලා හිතාගෙනම ..චෙෆ්ල ඔනි ගානටත් වඩා හිටපු හින්දා කිචන් එක අස්සට ගිහින් අල කරන්න ඔනි නැති කොට මං යුනිෆෝම් එක පිටින් ම බුෆේ එකට රිංගුවේ එතනට ඉතින් කොච්චර මිනිස්සු හිටියත් එකෙක් වත් වැඩි නැති නිසා..
මල්ලේ
ම්ම්ම් ..
හොටෙල් එකට ඇවිල්ලත් කෞශිගෙ ලෝකේ ගිලිලා පත කල්පනාවක ඉදගෙන අයිස් ගහ ගහ හිටපු මට එකෙක් කතා කරේ මං ඌ දිහාවට හැරෙද්දී...
හොද එකා වගේ ගිහින් 25 ටේබල් එකට මේක සර්ව් කරපංකෝ.. ..
මං හා කියලා ට්‍රේ එකත් අරං ගියත් ලගටයද්දි කකුල් බ්ලොක් වෙනව වගේ දැනුන නිසා මං එහෙමම ට්‍රේ එකත් අරගෙන එතනම හිටගත්තේ මෙ වෙලාවෙ ඔතනට යන්න මට ශක්තියක් නැති නිසා..
හිත හදාගන්න තනියෙන්
නුබ දෙන්නෙම නැ මටනම්
තව ඉන්නෙ ඇයිද නොගිහින්
ඔය හිත අද්ද්දර තනිනම්
මට නුබෙ වෙන්න බැරිනම්
ඇයි කතා කලේ හොරැහින්
හිත පුරා කලා සෙල්ලම්
නුබ සුලග වගේ ඇවිදින් ..
දාල තිබ්බ සෙට් එකෙන් සුලග වගෙ ඇවිදින් ඩ්‍රාම එකේ සින්දුවත් මාව අඩියටම වට්ටදි ඇත්තටම මට එවෙලේ හිතුනා ඒ සින්දුව මට ම ලියපු එකක් ද කියල ත් එකියන්නෙ අදත් මෙයා ක්ලාස් ගිහින් නෑ.. මගේ ඉස්සරහම ඉස්සර මං ලග උන්න විදියටම උගෙ අත් ගොබේ තුරුල් කරගෙන ඌට ම හේත්තුවෙලා උන් දෙන්න වැඩක් .. ලොකු වැඩක් වෙනකොට .. අරූ ඉදල හිටලා කෞශිගේ නලල ඉබිනනකොට කියන්න ඉතුරු උනේ මාව පිච්චෙනව වගේ අයියෝ කියලා උනත් තව අඩියක් වත් ඉස්සරහට තියාගන්න බැරුව ඉද්දී එකෙක් ඇවිත් මගෙ අතින් ට්‍රේ එක ගත්තේ සර් එන්න කිව්ව කියාගෙනම ..
මල්ලි උබට සර් කතා කරා..
ම්ම්..
මං ආයම එක පාරක් එ දෙන්න දිහා බලල හැරුනේ අංකලය ගාවට යන්න.. උබ මාත් එක්ක ඉද්දි හිටියාවගේම ඉදීද බං.. උබ දැන්මම ඌ එක්ක හොටෙල් ගානෙ රිංගන්න ඇවිත් .. උබේ දුප්පත් අම්ම තාත්තට සාදාරනය්ක් කරන්න පුලුවං වෙයිද උබට..
ආයම කෞශිගෙ මතක වලින් හිත පැරෙද්දී මට මතක් උනේම ඒ අම්මගේ ඇස් . තාත්තගේ කේඩෑරි වෙලා තිබ්බ මූන... ඇත්ත අවුරුදු පහෙන් පස්සෙම මං අම්මකෙනෙක් ගේ උනුහුමක් විදලා නෑ . මේ අවුරුදු ගානටම තාත්තා කෙනෙක් ට තුරුලු වෙල නෑ.. ත් පහුගිය අවුරුදු හතරටම එ දෙන්න මට අම්ම තාත්ත උනා .අෆෙයාර් එක බ්‍රේකප් උනත් ඒ දෙන්න ගැන පුරුදු විදියටම හොයලා බැලුවේ ඒනිසා වෙනකොට කෞශිගෙ මේ අමුතු හැසිරීම මට දුකක් උනා..
හෝව් හෝව්.. කොහෙද මෙ යන්නේ..
කල්පනවෙන්ම අංකල් වත් පහුකරගෙන යද්දී පොර මාව නවත්තගත්තේ මං ඉන්නේ වෙන සිහියක කියලා තේරිලාද කොහෙද..
අංකල්
පුතා ප්‍රශ්නෙකද...
අහ්..නැ අංකල් ඇයී..
නෑ කිවේ ආයමත් ගෙදරින් ප්‍රශ්නයක් නෙවේනේ .. ඔයාට විශ්වාසයිනේ..
නැ නෑ අංකල්.
කෙයාලර්ස් වෙන්නෙපා ඔච්චර මං ඔයා ආපු වෙලාවෙ ඉදලා බලාගෙන..හරි කොල්ලෝ අව්ලක් නැත්තම් එච්චරයි .. අපේ හාදයාට කියන්න ගෙදරක් එහෙම තියනව ඇවිල්ල බලං යන්න වත් එන්න කියලා..
හරි අංකල්
ආ.. පුතා.. තාත්තා හම්බුනොත් මුකුත් කියන්න යන්න එපා ..ඔයාවත් දන්නව මං එයාවත් දන්නව තමුසෙලා දෙන්නට ම තියෙන්නෙ මහ නස්පුක් වෙච්ච කේන්තියක් නේ
ම්ම්ම්.. ඇයි එයා ආවද..
එයි වගේ ලගදිම බෝඩිමක් බලන්න කතාවක් කිව්ව මට ..
ම්ම්ම්
අංකල් මං යනවෝ...
මං එයාටත් යනව කියාගෙන ඉක්මනට එතනින් කැපුනෙ තව ඔතන හිටියොත් දාර බාල්දියක් වැටෙනව කියලා සීයට ද්ආහක් ශුවර් නිසා
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial18 Chapters
The First Gift
When the power you crave ends up destroying everything you love. *** Lara Skyborn has a destiny: to receive a Gift--the kind of magic heroes of legend like the First Lady Elena bore and granted. Having trained and studied her entire life for a chance at the honor, Lara has always dreamed of one day being worthy of being bestowed a Gift. What she doesn't know is that with a Gift comes a mission, and with a mission comes taking the lives of others, whether she wishes to or not. Not wanting to kill, Lara refuses her mission. As she leaves the place she calls home, she begins to learn more about the First Lady, the history of the Gifts, and her true identity. Things are never what they seem, and her destiny may lie in something else entirely. Also posted on Wattpad and Scribblehub Beautiful cover by @Lueur_laVespine on Wattpad
8 161 - In Serial8 Chapters
Thorin's Bride
8 188 - In Serial22 Chapters
Among the Dead
No one thought the virus would get this bad.John always thought it was in some far off place. That it wouldn't affect him. That it wouldn't come here, to his home.But it did.And there's nothing anyone can do to stop it.John Rider, a normal teenager, will go through hell to save his life and the lives of those he cares for as everything falls apart around him. Will he survive as the world rapidly changes under the trampling feet of the infected? Can life ever be the same, or will he turn...like all the others.
8 80 - In Serial9 Chapters
Ký ức trắng Vkook
đọc đi rồi biết *.*
8 192 - In Serial20 Chapters
Soulmates who weren't meant to be
I saw the world in your eyesTo know that we could've been so much more Than what we are right nowIf only We could've met each otherAt the right time
8 125 - In Serial8 Chapters
Granger-Swan reunion
'Mione goes to a family reunion after not seeing her family for 19 years because they were excessively rude to her "buck tooth bushy haired" cousin. Watch as she surprises them with her achievements,including her mystery husband and kids.All rights go to J.K Rowling except the storyline.I'm changing ships so no #HINNY OR #RONMIONE. Weasley bashing involved.
8 198

